‘යුක්තිය මෙහෙයුමට‘ යුද හමුදාවත්

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට අද (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී යුද හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇති බව ද තල්දූව මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *