මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීමට විරෝධය දක්වමින් ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එම විදුලි සෝපානය අක්‍රීය වූ දිනයේ සිට තැපැල් ගෙනයෑමේදී තැපැල් සේවකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් ඒ පිළිබඳව බලධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළ ද පියවරක් නොගත් බවත් එම ප්‍රකාශකයා කීය.
මෙම පැය 24 ක සංඛේත වැඩවර්ජනය හරහා තැපැල් බලධාරීන්ගේ අවදානය විදුලි සෝපානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව කී එම ප්‍රකාශකයා එසේ නොවුණ හොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය.