navy

ඉන්දීය ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් ඊයේ (13) පස්වරුවේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී ධීවර යාත්‍රා 03ක සිටි මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමට ද කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *