ගං වතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වාන් ජලය නිකුත් කිරීමත් සමග පහළ ගල් ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතුව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිත ජනතාවට මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව පොල්වත්ත, පහළලන්ද, ඉරක්කාමම්, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, අලයාඩිවෙම්බු, සමන්තුරෙයි, කාරතිව්, නින්දවූර්, සයින්දමරුදු, කල්මුනේ සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව දැනුම් දී තිබේ.

මෙම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල රියදුරන්ට අවධාන‍යෙන් ගමන් ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *