ශ්‍රී ලංකාවට පනවා ඇති ICC ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් සූම් සාකච්ඡාවක් පවත්වන බව ICCය දැන්වූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සමග පැවැති හමුවකින් පසුවය.
එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,
“ICC එකේ නැවතත් බෝඩ් මීටින් එකක් තියෙන්නේ මාර්තු මාසයේ. එතෙක් ඉන්නේ නැතුව ලංකාවේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ අය සූම් මීටින් එකක් ගන්නම් කිව්වා.”
“හැබැයි ICC ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයාට ඒත්තුගැන්විය යුතුයි ලංකාව මේ දේ නැවත කරන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා. ඒකෙන් ඇමතිගේ බලතලත් අයින් කරනවා කියලා. අපි අතුරු කියන එක නැති කරනවා කිව්වා.”
“ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඩොලර් මිලියන 28ක් තියෙනවා. ඊයේ ආපු විධායක නිලධාරීතුමා පැහැදිලිව කිව්වා ඒ අයට ප්‍රශ්නයක් වුණේ හිටපු ඇමති ඒ මුදල්වලින් 20%ක් ඉල්ලුවා කියලා.”
“ඕවා කියලා කරගන්න ඕන දේවල් නෙමෙයි. මොළෙන් ගහගන්න ඕන දේවල්. අපි ඇහුවා විගණකාධිපති වාර්තාව ගැ. ඒ අය තැන් 03කට ඒ වාර්තාව යොමු කළා කිව්වා. ක්‍රිකට් ආයතනය තමයි ඒ අයගේ සාමාජිකයා කිව්වා. ඒ නිසා ඒ අයට ඒ මුදල් වියදම් කිරීමේ බලය සහ අයිතිය තියෙනවා කිව්වා. අදාළ වාර්තාව ගැන ICC එකට දීලා තියෙන තොරතුරු ගැන ඒගොල්ලො සෑහිමකට පත්වෙනවා කිව්වා. ඒ නිසා ඒ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා කිව්වා.”
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබූ අතර පසුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද ඔහුව හමුවී තිබුණි.