තවත් රැඳවියන් පිරිසක් රෝහල්ගත කෙරේ

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 05දෙනෙකු රෝහල් ගතකර තිබේ.

ගාල්ල බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් පිරිසක් මෙලෙස කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය.

මීට පෙර කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ රැඳවියන් දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු පැවසුවේය.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළයේ උණ රෝගය වැලඳි මියගිය බව තහවුරු විම හේතුවෙන් අද සිට දින 7ක කාලයක් එම බන්ධනාගාරයේ‍ෙකටයුතු සිමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *