මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහි මෙහෙයුම්වල කිසිදු අඩුවක් නැහැ: පොලිස්පති

අපරාධකරුවන්ගෙන් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 7කට අධික සුඛෝපභෝගී වාහන ඇතුළු අයථා වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

විවිධ අපරාධවලට වගකිව යුතු අපරාධකරුවන් 3,320ක් මෙහි සහ විදේශයන්හි ජීවත්වන බව පොලිසිය හඳුනාගෙන ඇත. ඔවුන් අපරාධ ව්‍යාපාරවලින් උපයාගත් වත්කම් ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. ඔවුන් අයථා ලෙස උපයාගත් මුදලින් ඉඩම්, ස්වර්ණාභරණ සහ වාහන මිලදී ගෙන ඇති අතර ඒ සියල්ල රාජසන්තක කරන බව වැඩබලන පොලිස්පතිවරයා පැවසීය.

දැනට ඩුබායි, ඉතාලිය සහ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන පාතාල නායකයින් 100 දෙනෙකු පමණ පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව තෙන්නකෝන් මහතා පැවසීය. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඇතැමෙකුට දකුණු පළාතේ සංචාරක හෝටල් හිමිව ඇති බවද ඔහු පැවසීය.

පසුගිය සති අන්තයේ දින දෙකක මෙහෙයුමකදී අපරාධකරුවන්ට අයත් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන 9ක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *