ටිපර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පොඩි ශාන් නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) මීටියාගොඩ පොලිස් වසමේ ලෙවිදුව හංදිය ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පාතාල නායකයෙකු වන ජයලත් සුද්දා නොහොත් රාජු නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන පොඩි ශාන් නමැත්තෙකු බව සඳහන්ය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතු ව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 950ක් තිබී ඇති බව වාර්තා වේ.
සැකකරු මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.