ටී. එම්. ඩිල්ශාන් වගකීමක් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකාර ධුරයට තමා අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන් ඊයේ(15) අනාවරණ කළේය. ඔහු පැවසුවේ, පිතිකරණ පුහුණුකරු ධුරය හිමි වුව හොත් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය වැඩිදියුණු කිරීමේ වසර 03ක සැලැසුමක් තමන් සතු බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හැර සෙසු පුහුණුකරුවන්ගේ වෙනස්කම් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එම පුහුණු කාර්ය මණ්ඩලයේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයන් වන චමින්ද වාස්, උපුල් චන්දන, රංගන හේරත්, ටී.එම් ඩිල්ශාන්, අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි වැනි අයට ලබා දීමට නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය අදහස් කර ඇති බව වාර්තා වේ.

මේ අතර,  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස්වීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ(15) පැවැත්විණි.

ඊට උපදේශක මහේල ජයවර්ධන සහ නව තේරීම් කමිටු සාමාජිකයන් ද එක් ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උපසභාපති මෙන්ම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගි වී ඇත.

ඉදිරියේ දී පැවැත්විමට නියමිත ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *