ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ, රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙනි.
මොරටුව ප්රදේශයේ පදිංචි කාර්යාංශ නිලධාරියෙකු විසින් මිද්දෙනිය ප්රදේශයේ පදිංචි කාන්තාවක් රවටා, රුමේනියාවේ රැකියාවක් ලබාදීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන තිබේ.
මුදල් ලබාදුන්න ද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් එම කාන්තාව කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණි.
අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම නිලධාරියාව විමර්ශන අංශය වෙත කැඳවූ අවස්ථාවේදී ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් අයකිරීම යන චෝදනාව යටතේ සැකකරුව අත්අඩංගුවට ගැනුණි.
අදාළ සැකකරු නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් හා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.