විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව එවන මුදල් ප්‍රමාණය අනුව විදුලි වාහන ආනයනය සඳහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
බලපත්‍ර නිකුත් කිරීමෙන් ඩොලර් මිලියන 100ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී ඇති බවද ඔහු පැවසීය.
විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීම සඳහා අපි විදුලි වාහන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, එමඟින් විදුලි වාහන නවසියයකට ආසන්න ප්‍රමාණයකට බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මෙම ප්රයත්නය තුළින් ඩොලර් මිලියන 100 කට වැඩි ප්‍රමාණයක් රට තුළට පැමිණ ඇති බව අමාත්‍යවරයා පැවසීය.
“වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි (LCs) නිකුත් කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා තෙවරක් ඉල්ලා සිටියත් එය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණේ නැහැ.
හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී මුදල් අමාත්‍යාංශයේ එම නිලධාරීන්ම සිට ඇත. මේ නිලධාරීන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගැන අපි දන්නේ නැහැ,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.