වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ට

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබව නවතම දත්ත අනුව පෙනීයයි.

ශ්‍රී ලංකා රේගුව නිකුත්කළ දත්ත අනුව පෙනී යන්නේ  2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී තිබේ.

එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *