ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආනයනය කරන ලද LED තිර තුනක වටිනාකම් අඩුවෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් පවත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ප්‍රේමදාස, දඹුල්ල සහ පල්ලකැලේ ක්‍රීඩාංගණ සඳහා මිලදී ගත් තිර තුනේ සැබෑ වටිනාකම රුපියල් 360,000ක් වුවද එහි ඉන්වොයිස් වටිනාකම රුපියල් ලක්ෂ 65ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කළ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා මේ බව පැවසීය.