දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ප්‍රකාශ ලබාදීම සඳහා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.
බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
එහිදී විමර්ශන නිලධාරීන් ඔහුගෙන් පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.