ICC ප්‍රධානියාව හමුවෙන්න 225ටම අවස්ථාව දෙන්න – සජිත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ව පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායකවරයා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා ට එහිදී මන්ත්‍රීවරු 225ම හමුවිය හැකි බවත් මෙරට ක්‍රිකට් ගැටලුව ගැන ඔහුව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු කීය.

“අපි ඔහුව දැනුවත් කළ යුතුයි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්. නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *