ජාතික ඉන්ධන බලපත්‍ර වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ජූලි 23 වැනිදා තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී පරීක්ෂා කෙරේ.
“ජාතික ඉන්ධන බලපත්‍රය අද කොළඹ ස්ථාන 2කදී සාර්ථකව අත්හදා බැලීය. මෙම වැඩසටහන හෙට දිස්ත්‍රික්ක 25 තුළම තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී අත්හදා බැලීමට නියමිතයි. පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික වශයෙන් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.