ශ‍්‍රී ලන්කන් ගුවන් යානා 21ක් බද්දට ගැනීමට සැරසෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇත.

ඒ ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට කරන ලද සැලසුම අනුවයි.

ගුවන් සේවය සතුව කොරෝනා වසංගතයට පෙර ගුවන් යානා 27 ක් පැවති අද එය 24 දක්වා පහත බැස ඇත.

සමාගම සැලසුම් කරන්නේ කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටය.

ඒ 330-200 හෝ ඒ 330-300 එයාර් බස් යානා 10ක් සහ ඒ-320 හෝ ඒ-321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා ඇත.

ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති අතර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට හා නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *