ඉන්දීය ණය රේඛාව යටතේ සපයන ලද ඩීසල් සහ පෙට්රල් වැනි භාණ්ඩ ප්රවාහන නෞකාවන් පසුගිය පැය 24 තුළ ශ්රී ලංකාවේ වරායන් වෙත නැංගුරම් ලා ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ට්විටර් සටහනක් තබමින් ඔවුන් කියා සිටියේ පෙට්රල් මෙට්රික් ටොන් 36,000 බැගින් සහ ඩීසල් මෙට්රික් ටොන් 40,000 බැගින් තොගයක් මෙරටට පැමිණ ඇති බවයි.
ඉන්දියානු ආධාර යටතේ විවිධ වර්ගයේ ඉන්ධන සමුච්චිත සැපයුම දැන් මෙට්රික් ටොන් 270,000 ඉක්මවන බව ඔවුහු පැවසූහ.