කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය හෙළි කරයි.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ හංගේරියාවේ මූල්‍ය ආධාර මත ඉදිකෙරෙන කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අමාත්‍ය ප්‍රනාන්දු සහ හංගේරියානු වෙළඳ සහ විදේශ කටයුතු අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ විසින් ජනවාරි 12 වන දින ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. ව්‍යාපෘතිය 2023 ජූලි මාසයේදී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා පැවසුවේ ව්‍යාපෘතිය මේ වන විට 46% ක ප්‍රගතියක් වාර්තා කර ඇති බවයි. 120 බස් මාර්ගයේ කොහුවල මංසන්ධියේ සහ ඒ අවට මාර්ග තදබදයට සහන සැලසෙන පරිදි කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාර්ග සංඥා මගින් පාලනය වන නුගේගොඩ සහ කළුබෝවිල යා කෙරෙන මංතීරු හතරකින් යුත් මාර්ගයකට උඩින් ඉදිකෙරෙන මෙම උඩිස් පාලම දිගින් මීටර් 297ක් සහ පළලින් මීටර් 9.4ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *