ඔන්ලයින් ක්‍රමයට මත්පැන් වෙළඳාමට වෛද්‍ය සංගමය විරුද්ධ වෙයි

ඔන්ලයින් ඔස්සේ මත්පැන් වෙළෙඳාමට අවසර නොදෙන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

මේ අවස්ථාවේ මත්පැන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අලෙවි කළහොත් මේ වනවිට කොවිඩ් වසංගතය නිසා මතුවී ඇති ගැටලු තවත් උග්‍ර විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

මේ අතර රජයේ වෛද්‍ය සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ ඔවුන් ඒ පිළිබඳව හෙට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අතර ඔන්ලයින් ඔස්සේ මත්පැන් අලෙවියට මුදල් අමාත්‍යංශය කොන්දේසි සහිතව ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය දුන් බව මීට පෙර වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *