ඩිලිවරි සේවා සඳහා දී ඇති බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ

ඩිලිවරි සේවා පවත්වාගෙන යෑම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ බලපත්‍රවල වලංගු කාලය පසුගිය 14 වනදායින් අවසන්වීමට නියමිතව තිබූ බවය.

නමුත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බැවින් දැනට පවතින බලපත්‍ර මගින් ඔවුන්ට අදාළ ප්‍රදේශවල පමණක් බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *