හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ අද සහ හෙට ඇතුළු ඉදිරි දින කිහිපය ජනතාවගේ හැසිරීම රටේ අනාගතය තීරණය කරනු ඇති බවය. ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාසවල කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවීමට බලපෑවේ නත්තල් සමයේ ජනතාවගේ හැසිරීම බවද එතුමා පැවසීය. අවුරුදු චාරිත්‍ර හා සිරිත් විරිත් සිදුකිරීමට බාධාවක් නැති නමුත ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන ලෙස එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2021-04-13