විදෙස්ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමු කරන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී. ඒ සම්බන්ධ නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා පවසා සිටින්නේ.
ඒ අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් අනතුරුව කරනු ලබන PCR පරීක්ෂණයෙදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු නොවුණහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි හමුදාපතිවරයා පැහැදිළි කර සිටින්නේ.