අතිශය ජනප්‍රිය සමාජ ජාලා සන්නාමයන් වන Facebook Messenger හා Instagram සේවාවන් යම් කිසි තාක්ෂණික හේතුවක් මත ලොව පුරා බිඳවැටීමකට ඊයේ ලක්වූයේය.
තවද WhatsApp Messenger සේවාවන්ද වැටීමකට ලක්වූ බව ලොව ඇතැම් රටවලින් වාර්තා වන බව Windows Central වෙබ් අඩවිය පවසයි.
කෙසේ නමුත් මෙම සේවාවන්හී බිදවැටීම පිලිබඳ මෙම සේවාවන් හි හිමිකාරීත්වය දරණ සමාගම වන ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අදාළ බිඳවැටීම පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.