අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අදාළ අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පස්වරු 5.00 ට සිදු කෙරේ. ඉකුත් නොවැම්බර් 17 වැනිදි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේන අනතුරුව ඊට පසුදා (18) සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.
ඉන් අනතුරුව දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත වූ අතර, අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කළේය. එම විවාදය මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීමත් සමගම අවසන්වන අතර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවයි.