මුහුදු යාමෙන් තවදුරටත් වැළකී සිටින්න – කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

සුළි කුණාටු තත්ත්වයේ බලපෑම ඉදිරියට ද අපේක්ෂා කළ හැකි බැවින් තවදුරටත් මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී සිටියි.

එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ දිවයිනට මෙන්ම මුහුදු ප්‍රදේශවලට තවදුරටත් තද වැසි මෙන්ම වේගවත් සුළං ඇතිවීමේ අවදානමක්ද අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව මුහුදු ප්‍රදේශ සඳහා පැනවූ අනතුරු ඇගවීම තවදුරටත් වලංගු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *