කොවිඩ් වසංගත තත්වය හමුවේ රට තුළ උද්ගතවී ඇති වාතාවරණයත් සමග කර්මාන්තකරුවන්ට කර්මාන්ත අංශය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3ක් හඳුන්වා දී ඇති බවත්, අදාළ අංක ඇමතීමෙන් මේ ගැටළු වලට ක්ෂණිකව විසඳුම් ලබා ගතහැකි බවත්ය.
ඒ අනුව පහත අංක ඇමතීමේන් අදාළ ගැටළු ඉදිරිපත් කළ හැකිවේ.
කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු සඳහා
අධ්යක්ෂ – වින්දික පියරත්න මහතා
0713976406.
කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත සඳහා
අධ්යක්ෂ – රසික විජේකෝන් මහතා
0113158114.
ආනයන තීරුබදු පිළිබඳ ගැටලු සඳහා
අධ්‍යක්ෂිකා – සිතාරා ජයසේන මහත්මිය
0770820775.