මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව හෙට (05) දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරයි.
මංතීරු නීතිය කඩකරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට හෝ ස්ථානීය දඩයක් නියම කිරීමට පියවර ගන්නා බවද ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මංතීරු නීතිය නොසලකා හරින පුද්ගලයින් නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාවේද සහය ලබා ගන්නා බවයි.