ඉකුත් සති 4ක කාලය ඇතුළත බන්ධනාගාර 28කදී සිදුකළ වැටලීම්වලින් දුරකතන 1,102ක් සිරකුටිවල සඟවා තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම සිම්පත් 688ක්ද, ජංගම දුරකතන බැටරි 1,310ක් ද හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.
මෙම භාණ්ඩ හා ද්‍රව්‍ය කොළඹ රක්ෂිත බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය, වැලිකඩ, බූස්ස, මීගමුව, ගාල්ල සහ දුම්බර යන බන්ධනාගාර ද ඇතුළුව දිවයින පුරා බන්ධනාගාරවල සිදු කළ වැටලීම් වලින් සොයාගෙන ඇත.
ඉන් ජංගම දුරකතන 277ක් සහ සිම්පත් 132ක් මීගමුව බන්ධනාගාරයෙන්ද, ජංගම දුරකතන 203ක් කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන්ද හමුවී තිබේ.