A9 මාර්ගයේ ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර එම තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිසිය පවසන්නේ බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුවී ඇතිට සැක පල කරන බවයි.
අනතුරට පත් බස් රථයේ ඡායාරූප පහතින් දැක්වේ. (ඡායාරූප Accident 1st ඇසුරෙනි)