ලබන ජුනි 20 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශේෂ්ඨාධිකරණය හමුවේ අද (14) දිනයේ තවත් පෙත්සමක් ගොනු කර තිබේ. එම පෙත්සම ගොනු කර ඇත්තේ ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා විසිනි.
ඒ අනුව ජුනි 20 වැනිදා දක්වා පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 13 ක් වේ.