ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඊයේ දිනය වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 15ක් සුවය ලබා ඇති බවත්, ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 154ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.