කිසිඳු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදා සාමාජිකයිනගේ නිවාඩු අවලංගු කිරීමත්, සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබීමත් හේතුවෙන් ඇතිවන ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව ඒ මහතා පවසයි.
ඒ හැරුණුවිට ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමුකළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙතට යොමු නොකරන බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.