එක් දින සේවාව යටතේ පැය හතරක කාලයක් තුළදී ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකි ක්රමවේදයක් සකස් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගන්නා පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට හැඳුනුම්පත නිකුත් කරන වේලාව කෙටි පණිවුඩයක් මගින් දැනුම්දෙන අතර එමගින් පුද්ගලයින්ට දෙපාර්තමේන්තු පරිශ්රයේ රැදී නොසිට අදාළ වේලාවට පැමිණ නව හැදුනුම්පත රැගෙන යාමට හැකියාව ලැබෙන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
මෙමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ඇති වන අධික තදබදය අඩු වන බවද ඒ මහතා කීය.