කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් පෙබරවාරි මස (07) සිකුරාදා පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් පහත ප්‍රදේශයන් සඳහා ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ජා-ඇල, ඒකල, කදාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇල්පිටිවල, මහබාගේ සහ දික්ඕවිට යන ප්‍රදේශයන්ට මෙලෙස පැය 18 ක කාලයක් ජල සැපැයුම අත්හිටවනු ඇත.