පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළේය. එහිදී නායක හැරී බෘක් පන්දු 116කින් ලකුණු 202ක් රැස් කරමින් වාර්තාවක් පිහිටුවීය. එය පිරිමි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගවලදී එංගලන්ත පිතිකරුවකු රැස් කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්යාව වේ.
ශ්රී ලංකා පිළේ ලකුණු හඹා යාමට පවන් රත්නායක ලකුණු 130ක් රැස් කරමින් නායකත්වය දුන් අතර, අවිශ්ක ප්රනාන්දු සහ දසුන් ශානක ලකුණු 97 බැගින් ලබා ගත්හ. අනතුරුව නොදැවී ලකුණු 61ක් රැස් කළ ජනිත් ලියනගේ, ඉතිරිව තිබූ අවසන් පන්දු දෙකෙන් දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ශ්රී ලංකා ජයග්රහණය තහවුරු කළේය.
ඒ අනුව පන්දුවාර 49.5කදී කඩුලු 8ක් දැවී ලකුණු 430ක් රැස් කරමින් ශ්රී ලංකාව තරගය ජය ගත්තේය.
මෙම ජයග්රහණය පිරිමි එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹා ගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්යාව ලෙස සටහන් වේ.


