රාත්‍රී 6 සිට උදෑසන 6 දක්වා මාදුරුඔය හරහා ගමනාගමනය තහනම්

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මහඔය – අරලගංවිල මාර්ගයේ පනිජ්ජඔය සිට කන්දේගම දක්වා වූ කොටස නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා පස්වරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.
අඳුර වැටීමෙන් පසු ජාතික වනෝද්‍යානය හරහා රථවාහන ධාවනය කිරීම හේතුවෙන් මාර්ගය හරහා මාරු වන වනසතුන් අනතුරට ලක්වීම සහ මියයාම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව බලධාරීන් විසින් මෙම රාත්‍රී කාලීන සීමාව පනවා ඇත.
වනෝද්‍යානයේ වෙසෙන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනු ලැබේ.




