රාජකාරියේ නිරතව සිටියදී මත්පැන් පානය කරන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී හල්දුම්මුල්ල සොරගුණේ තැපැල් කාර්යාලයට අනුයුක්ත තැපැල්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී බෙදා නොහැර තිබූ සාමාන්ය ලිපි 2,065ක් සහ ලියාපදිංචි ලිපි 15ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු 2021 වසරේ සිට ලිපි බෙදාහැරීම පැහැර හැර ඇති බවයි.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


