72 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ පැවැත්වීම අගනා තීරණයක් – කථානායක

වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්‍රයේදී නිදහස් දිනය පැවැත්වීමට ගත් තීරණය ඉතාමත් අගනා තීරණයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ සරලව හා නියමිත වේලාවට පැවැත්වුණ උත්සවය ඩී.එස්. සේනානායක පිළිරුව අභියස පැවැත්වීමෙන් සැම ඒකරාශි කරන සමෘද්ධිමත් දේශයක් ගොඩ නැගීමට ඇති අභියෝග සිහි ගන්වන බවයි.

එම නිවේදනය පහතින්.

“වර්ෂ 15කට පසුව, නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීම අගනේය. ජාතියේ පියා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානයක පිළිරුව අබියස සරලව සහ නියමිත වේලාවට පැවැත්වුණු එම උත්සවය එතුමන්ගේ දැක්ම වූ සැම ඒකරාශී කරන සමෘද්ධිමත් සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩ නැගීමට ඇති අභියෝග සිහි ගන්වයි”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *