LK reports news sinhala

71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක්

යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක  මහතාට  ලිපියක් යොමු කරමින් ඉල්ලා  ඇත

ඉදිරි ජනාධිපතිවරණය පසුබිම් කරගෙන යලිත් එවැනි තරුණ නැගිටීමක් සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන බව නිරීක්ෂණය වන බැවින් මෙම ඉල්ලීම කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත

එම සංවිධානයේ  කැඳවුම්කරු  කල්‍යාණ  කරුණාරත්න මහතා විසින් දිසානායක  මහතා  වෙත මෙම ලිපිය යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *