Sunday, 22 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නින්දවූර් මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී යාමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

තරුණයින් තිදෙනෙකු දිය නෑම සඳහා මුහුදට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් එක් අයෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්වී ඇත. බේරාගත් තරුණයා ප්‍රතිකාර සඳහා නින්දවූර් රෝහලට ඇතුළත් කර තිබේ.

අතුරුදන් වී ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු 16 සහ 23 යන වයස්වල පසුවන නින්දවූර් ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

අතුරුදන් වූ තරුණයින් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම්, නින්දවූර් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඔබේ අදහස