අභ්‍යවකාශයේ සිට ගත් ශ්‍රී ලංකාවේ සුන්දර දසුන සමාජ මාධ්‍ය කළඹයි

නාසා (NASA) ගගනගාමී වෛද්‍ය අනිල් මෙනන් (Dr. Anil Menon) විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ගන්නා ලද ශ්‍රී ලංකාවේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇති අතර, එමගින් අභ්‍යවකාශයේ සිට දිවයින දිස්වන මනරම් දසුනක් ප්‍රදර්ශනය කෙරේ.
ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපයේ ඉන්දියන් සාගරයේ තද නිල් පැහැති ජලයෙන් වටවූ ශ්‍රී ලංකාවත්, විසිරුණු වලාකුළු සමඟ ඉන්දියාවේ දකුණු කෙළවරත් දිස්වන අයුරු දැකගත හැකිය.
පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් ගන්නා ලද බවට වාර්තා වන මෙම ඡායාරූපය ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
ඉන්දීය සම්භවයක් ඇති හදිසි වෛද්‍ය විශේෂඥයෙකු සහ ඇමරිකානු අභ්‍යවකාශ බලකායේ කර්නල්වරයෙකු වන මෙනන්, 2026 ජූලි මාසයේදී Soyuz MS-29 අභ්‍යවකාශ යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කළේය.
ජෛව වෛද්‍ය පර්යේෂණ, අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සහ කක්ෂගත විද්‍යාගාරයේ වැඩිදියුණු කිරීම් ඇතුළත් අට මාසික මෙහෙයුමක් අතරතුර ඔහු Expeditions 74 සහ 75 සඳහා පියාසර ඉංජිනේරුවෙකු (Flight engineer) ලෙස සේවය කරයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින කාලය තුළ එහි නිරීක්ෂණ මොඩියුලයේ සිට ගන්නා ලද පෘථිවියේ භූ දර්ශනවල ඡායාරූප ද මෙනන් විසින් නිරන්තරයෙන් බෙදාගනු ලබයි.




