එන්ජින් ධාරිතාව 50ccට අඩු යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගත හැකි බවට ද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඊයේ (22) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික ගුවන් මාර්ෂල් තුෂාර ප්රනාන්දු මහතා පැහැදිලි කළේ, එන්ජින් ධාරිතාව 48cc හෝ 50ccට අඩු කාණ්ඩයට අයත් යතුරුපැදි ද ලියාපදිංචි කළ යුතු බවයි.
එම යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් පාරිභෝගිකයන්ට දැනුම් දෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී ප්රවේශම් වන ලෙසත්, ඒවාට අදාළ අවශ්ය රේගු ලේඛන ලබාදී ඇති බවට සහතික වන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය නීතිමය ක්රියාමාර්ග ගත හැකි අතර, ඊට දඩ මුදල් පැනවීම ද ඇතුළත් විය හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.


