2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඇගයීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර විභාග ප්‍රතිඵල මේ වනවිට පරිගණක ගත කර ඇති බවද ඔවුන් සඳහන් කළා.
ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ අවසන් අදියර මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
2023 වසර සඳහා වූ පහ ශ්‍රේණියේ විභාගය ඔක්තෝබර් 15 වැනි දින (ඉරිදා) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වුණු අතර, විභාගය සඳහා අයදුම්කරුවන් 37,591ක් පෙනී සිටියහ.