ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම පුදබිම වැඳ පුදා ගැනීමට එක්විය.
තිස්සමහාරාම සඳගිරි උභය රජ මහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
සඳගිරි උභය රජ මහා විහාරාධිපති හා හම්බන්තොට පළාතේ ප්රධාන සංඝ නායක දේවාලේගම ධම්මසේන හා දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ප්රමුඛ මහ සඟරුවන ගෝඨාභය මහතාට සෙත්පතා පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඒ සඳහා එක්ව සිටි අතර එම පිරිස විහාරස්ථානයේ කෞතුක ධාතූන් වහන්සේලා ද වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්හ. තිස්සමහාරාම ජනතාවගෙන්ද ගෝඨාභය මහතාට උණුසුම් ප්රතිචාර හිමිවිය.
(Image – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි)