2030 වන විට 70% පුනර්ජනනීය බලශක්ති ඉලක්ක රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හයක ප්‍රගතිය ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු සංවර්ධකයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ සමාලෝචනය කරන ලදී.
රජයේ අනුමැතිය, ඉඩම් අත්පත් කර ගැනීම, සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම, ජාල එකඟතාව, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්, මූල්‍යකරණය, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාවන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කෙරිණි.