2030 වන විට සියලුම පාසල් සිසුන් සඳහා දිවා ආහාරය නොමිලේ

2023 වසරට වඩා වැඩි මුදලක් වෙන්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2030 වන විට පාසල් සිසුන්ගේ පාසල් නිල ඇඳුම් සහ දිවා ආහාර දීමනා ක්‍රමානුකූලව වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මුලතිව් මල්ලාවි මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලුම පාසල් සිසුන් සඳහා පාසල් දිවා ආහාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, දීමනා වැඩි කිරීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කිරීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශ්ව සමඟ මේ වන විට පැවැත්වෙන බව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බවත්, තිරසාර අධ්‍යාපන වැඩසටහන ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *