2026 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින්ට එරෙහිව අධිකරණ නඩු 4,672 ක් ගොනු කර ඇති බව පොලිසිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිරීම මැඩපැවැත්වීම සඳහා රට පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක කොටසක් ලෙස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන හෝ මදුරුවන් බෝවීමට පහසුකම් සපයන අපිරිසිදු තත්ත්වයක තම පරිශ්‍ර තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ නීතිමය පියවර ගත හැකි බව පොලිසිය සඳහන් කළේය.
2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත යටතේ, මදුරුවන් බෝවන ස්ථාන පවතින හෝ දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් මදුරුවන් බෝවීමට දිරිගැන්වීමේ තත්වයන් ඇති පරිශ්‍රවල හිමිකරුවන්ට හෝ පදිංචිකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට නීත්‍යානුකූලව බලය පවරා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


