2024 වර්ෂය සඳහා පුද්ගලයන්ගේ/ ආයතනවල ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම 2023 ඔක්තෝබර් 01 සිට 2023 දෙසැම්බර් 31 දක්වා සිදු කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
අවශ්‍ය තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයේ www.defence.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව අමාත්‍යාංශය පවසයි.
2024 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම 2023 දෙසැම්බර් 31 න් පසු සිදු නොකෙරේ.
වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීම ගිනි අවි ආඥාපනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අමාත්‍යාංශය පවසයි.
2024/2025 වසර සඳහා පුද්ගලික ආරක්‍ෂක සමාගම් අලුත් කිරීම සඳහා ලියාපදිංචි කිරීම් 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදු කෙරෙන අතර නියමිත දිනට පසුව කරන ඕනෑම අලුත් කිරීමක් දඩයකට හෝ නීතිමය ක්‍රියාමාර්ගයකට යටත් වේ.