ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ සමස්ත ශීර්ෂ උද්ධමනය 2023 මැයි මාසයේදී 25.2% දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
දෙපාර්තමේන්තුවට අනුව, මැයි මාසයේදී වාර්තා වූ උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ 35.3% හා සැසඳීමේ දී පහත වැටීමකි.
ආහාර උද්ධමනය ද මැයි මාසයේදී පහත වැටීමක් පෙන්නුම් කළ අතර එය අප්‍රේල් මාසයේදී වාර්තා වූ 30.6% සිට 21.5% දක්වා පහත වැටුණි.
මේ අතර, ආහාර නොවන උද්ධමනය අප්‍රේල් මාසයේදී වාර්තා වූ 37.6% සිට මැයි මාසයේදී 27% දක්වා අඩු විය.
සම්පූර්ණ වාර්තාව: http://www.statistics.gov.lk/WebReleases/CCPI_20230531E